27.2 C
Colombo
Wednesday, December 10, 2025

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට රතු කුරුසයෙන් පානීය ජලය

පසුගිය කාලය පුරා  පැවති අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුරින් පීඩාවට පත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනතාවට බෙදාදීම සඳහා පානීය ජල බෝතල් ලීටර් පහළොස් දාහක් (15,000) ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින්  ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ දී  ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට භාරදෙනු ලැබුවා.

මේ වන විට ගාල්ල සහ මාතර  දිස්ත්‍රික්කයන්හී බොහෝ ප්‍රදේශවල ලිං සහ ජලසම්පාදන මණ්ඩලයේ පානීය ජල මූලාශ්‍ර බරපතළ ලෙස අපවිත්‍ර වී ඇති බැවින්, මෙම ප්‍රදේශවල ජනතාව උග්‍ර පානීය ජල හිඟතාවයකින් පෙළෙන බවට වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සඳහා කඩිනම් සහනයක් ලෙස මෙම ජල බෝතල් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් ලබාදුන් බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අභයසිංහ මහතා පැවසුවා.

මෙම ගංවතුර හේතුවෙන්  නිවාස හා දේපළ හානි සිදුවීම, කෘෂි කර්මාන්තය ඇතුළු ජීවනෝපාය මාර්ග බිඳවැටීම්, ව්‍යාපාර ආයතන අඩපන වීම, දරුවන්ගේ අධ්‍යාපනය හා පාසල් පද්ධතියට බාධා පැමිණීම වැනි හේතුන් මත මහජනයාගේ ජන ජිවිතයට බරපතල ලෙස බලපෑම් සිදුවී තිබෙනවා.

එබැවින්, පීඩාවට පත් ජනතාවට තම ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය සහන සැලසීමට රතුකුරුස ජාත්‍යන්තරයේ අවධානය ලබාගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් ඉල්ලිමක්ද සිදුකරනු ලැබුවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ විධායක කමිටු සාමාජික ආචාර්ය අමිල කංකානම්ගේ මහතා හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ, ආපදා කළමණාකරන ඒකකයේ අතිරේක ලේකම් කේජී ධර්මතිලක මහතා ද එක්ව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles