28 C
Colombo
Wednesday, December 10, 2025

වේයන්ගොඩ නිදන් කතාවේ සැඟවුණු රහස

වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ග රක්ෂිතයේ නිධන් වස්තු ඇතැයි පැවසෙන ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.

වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ පිහිටි මෙම ස්ථානයේ නිධන් වස්තු ඇති බවට ඇතැමුන් තුළ මතයක් පවතිනවා.

ඒ අනුව අදාළ ස්ථානයේ නිධන් වස්තු සොයා වරින් වර කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

අවස්ථා 10ට අධික සංඛ්‍යාවකදි මේ ආකාරයෙන් කැණීම් සිදුකළ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එවන් පසුබිමකයි අත්තනගල්ල අධිකරණය විසින් අදාළ ස්ථානය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් කිරීමට නියෝග කර ඇත්තේ.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසයි අධිකරණය නියෝග කර තිබුණේ.
මෙම කැණීම සැලකෙන්නේ මෙරට රාජ්‍ය ආයතනවල මැදිහත්වීමකින් සිදු කෙරෙන පළමු නිධන් හැරීම ලෙසයි.
පසුගිය 21 වැනිදා පෙරවරුවේ එම කැණීම් කටයුතු ආරම්භ කළ අතර පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, රජයේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන කැණීම් කටයුතු සිදුකරනවා.

කෙසේ වෙතත් වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ කර ඇතත් මෙහි නිධානයක් හෝ පුරාවස්තු නොමැති බවට එම නිලධාරීන් අධිකරණයට අවස්ථා දෙකකදි තොරතුරු වාර්තා කර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කළ පරීක්ෂණ කටයුතුවලදී අනාවරණ වී ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ පාෂාණවල යම් ලෝහ වර්ගයක් වැනි යමක් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

මෙවන් පසුබිමක විශාල විශ්කම්භයකින් යුතු පාෂාණයක් හමුවු අතර එහි නිධානයක් වැනි කිසිවක් නොතිබු  බවයි වාර්තා වුණේ.

නමුත් එම ස්ථානයේ තවමත් කැනිම් කටයුතු සිදුකරණු ලබනවා.

ගම්මුන් පවසන අන්දමට මෙම ස්ථානයේ නිධානයක් පැවතියහොත් එය මෙරට සියලු ණය ගෙවා දැමිය හැකි වත්කමක් බවයි පැවසෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles