30 C
Colombo
Wednesday, December 10, 2025

සංගීත ප්‍රසංගය අතරේ ඇතිවු හාදකම අවසන්වුණ තැන

හොරණ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක වෙළෙඳ කුටියක් පවත්වාගෙන ගිය තරුණයෙකු සමඟ හාදවී එම තරුණයා පැහැරගෙන ගොස් පහරදී මුදල් සහ දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණයා පවත්වාගෙන ගිය වෙළෙඳ කුටිය අසල වෙළෙඳ කුටියක සිටි 17 හැවිරිදි තරුණියක් සමඟ ඔහු හිතවත් වී තිබු අතර එම හිතවත්කම මත ඔහු එම ස්ථානයේ සිටි තවත් තරුණයෙකු සමඟද හිතවත් වී තිබෙනවා.

සංගීත ප්‍රසංගයට පසු දින එම තරුණයා පහරකෑමට ලක් වූ තරුණයාට දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ අදාළ තරුණිය හමු වීමට අවශ්‍යනම් ඔහු සමඟ පැමිණෙන ලෙසයි.

පොලිසිය පැවසුවේ එහිදී අදාළ තරුණයාව පාළු නිවසකට රැගෙන ගොස් තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහර දී ඔහු පැළඳ සිටි රන් මාලය සහ ජංගම දුරකතනය, මුදල් පසුම්බිය සහ යතුරුපැදියද කොල්ලකා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර තරුණියන් දෙදෙනෙකු සහ කොල්ල කෑ ආභරණ සහ භාණ්ඩ ළඟ තබාගෙන සිටි අයෙකු ද අත්අඩංගුවට ගැණුනා.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සෙසු සැකකරුවන් තිදෙනා ලක්ෂ පහ බැඟින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles