30 C
Colombo
Wednesday, December 10, 2025

සැක සහිතවු අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව

මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ‘අංගොඩ ලොක්කා’ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරායි.

ඔහු ඉන්දියාවේ බලාජි නගරයේ කුලී නිවසක ජීවත් වූ අතර 2020 ජුලි මස 03 වන දින රාත්‍රියේ හදිසියේ ඇතිවු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණා. 

රෝහල්ගතකිරීමෙන් අනතුරුව ඔහු මියගිය අතර මරණය සැකසහිත බවට වාර්තා පළ වුණා.

කෙසෙවෙතත් මෙවනවිට අනාවරණය වි ඇත්තේ ” අංගොඩ ලොක්කා”ගේ මරණයට හේතුව ඇතිවු හෘදයාබාධයක් බවයි.

2020 වසරේදී ඉන්දියාවේ කොයිම්බතූර්හි දී ‘අංගොඩ ලොක්කා’ මියගිය අතර ඔහුගේ මියයාම සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ අංශය විසින් පසුගියදා එරට අධිකරණයට වාර්තාවත් ඉදිරිපත් කර තිබුණා.

එම වාර්තාවට අනුව ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකින් බවට තහවුරු කර ඇති අතර ඒ අනුව ඔහුගේ මියයාම සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කිරීමට ද කොයිම්බතූර් අධිකරණය පියවර ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles