28.1 C
Colombo
Tuesday, April 29, 2025

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර..

වයස අවුරුදු 60 සම්පුර්ණ වූ සේවකයින් 300ක් සේවා අවශ්‍යතා මත සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ. 

ඒ, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් හා ජනාධිපති ලේකම්වරයාගේ නිර්දේශවලට යටත්වයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාල සේවකයින් කොන්ත්‍රාත් පදනම මත ඉදිරියට කටයුතු කරන බවය.

සේවා අවශ්‍යතා මත එලෙස සේවය ලබා ගන්නා පිරිස අතර දුම්රිය රියැදුරන්, රියැදුරු සහයකයින්, දුම්රිය නියාමකයින් ඇතුළු තාක්ෂණික හා මෙහෙයුම් සාමාජිකයින් වනබව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

මේ අතර, සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30,000ක් අද (31) දිනයේ විශ්‍රාම යාමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles