සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවා.
කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළා.
පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට ආසන සංවිධායකයන් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි ඇය සඳහන් කළේ.