28.4 C
Colombo
Tuesday, January 27, 2026

ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේනවා

31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තා එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දීයි.

එමෙන්ම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන්  බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දික ද සිල්වා නමැති සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා සැකකරුවන් සමග ටී-56 ගිනිඅවියක්, උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles