33 C
Colombo
Tuesday, January 27, 2026

නව වසරේ වෙනස් වු ඉන්ධන මිල මෙන්න

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේනවා

අද (01) අලුයම 05 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සංස්ථාව සඳහන් කළේ.

පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස දැක්වෙනවා

පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464ක් බව එම සංස්ථාව සඳහන් කළා.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වෙනවා.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසයි.

කෙසේවෙතත් භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles