30 C
Colombo
Wednesday, December 10, 2025

මැතිවරණය පැවැත්විම කොමිසම කල යුතුයි – මහින්ද

සීමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඊයේ (11) භාර දුන්නා.

දැනට සිටින 8,000කට අධික පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් සංඛ්‍යාව අඩකින් අඩු කිරීම එම කමිටුවේ සැලැස්මයි

ඒ අනුව පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය යටතේ 4,000 දක්වා පමණ අඩු වනු ඇති

පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සීමා නිර්ණ කමිටුව පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගත්තා.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත් කෙරුණා

කෙසේවෙතත් අදාළ කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කළේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙය පත් කළ බවයි.

කෙසේවෙතත් වාර්තාව භාරදිමෙන් අනතුරුව පිටතට පැමිණි මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පලකරමින් කියා සිටියේ මැතිවරණ පැවැත්විම මැතිවරණ කොමිසම සතු වගකිමක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles