28 C
Colombo
Wednesday, December 10, 2025

රට කැළඹූ දාම ඝා@තන සැකකරුවන් කොටුවු හැටි

ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් කාන්තාවන්ට ලිංගික අතවර සිදු කොට නිවාසවල භාණ්ඩ සොරාගන්නා සොරුන් දෙදෙනෙකු පිලිබඳව පොලිසියට තොරතුරු ලැබි තිබුණා.

මේ අදාල සොරුන් දෙදෙනා නිවසක් සොරා ගැනිමට පැමිණෙන ආකාරයයි.

මොවුන් දෙදෙනා දොම්පේ, වැලිවේරිය හා මල්වතුහිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරමින් නිවෙස්වලට ඇතුල්වි නිවසේ භාණ්ඩ කොල්ලකෑමට අමතරව නිවසේ සිටින කාන්තාවන් දුෂණය කිරිමටද කටයුතු කර තිබුණා.

මේ පිළිබඳව තොරතුරු වාර්තා විමත් සමඟ මල්වතුහිරිපිටිය පොලිසියේ ස්ථානාධිපතිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දින 6ක නිදිවර්ජිත පුළුල් මෙහෙයුමක් ආරම්භ කළා.

එ අනුව පසුගිය 16 වනදා අලුයම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකිව තිබෙනවා.

ඒ ප්‍රදේශයේ නිවසක් කොල්ලකා පලායමින් සිටියදියි.

පොලිසිය පැවසුවේ, සැකකරුවන් වයෝවෘද්ධ කාන්තාවකට ද අතවර කර ඝාතනය කර ඇතැයි හෙළිවූ බවයි.

සොරකම් කිරීම් සඳහා භාවිත කරන ලද අවි ආයුධ කිහිපයක් ද ඔවුන් සතුව තිබී සොයාගැනුණා.

සැකකරුවන්, ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ යන ප්‍රදේශවලද මේ අයුරින්ම තමන් සොරකම් සිදුකළ බවයි.

21 හැවිරිදි තරුණයෙකු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සිය සුළු පියා සමග එක්ව මෙලෙස සොරකම්වල නිරතව තිබෙනවා. සැකකරුවන් විසින් සොරකම් කරන ලද භාණ්ඩ තොගයක් සහ වැදගත් තොරතුරු රැසක් ද පොලිසිය මගින් අනාවරණ කරගනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles