26.7 C
Colombo
Tuesday, March 17, 2026

ශ්‍රි පාදස්ථානයේ සිදුවන ගුවන් මෙහෙයුම

විදුලිබල මණ්ඩලය මගින් නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටුපාන ප්‍රදේශයේ අලුතින් ඉදි කෙරෙන ජල යෝජනා ක්‍රමයේ විදුලි රැහැන් පද්ධතියට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඇතුළු උපකරණ ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටරයකින් රැගෙන යාමේ මෙහෙයුම් ආරම්භ කළා.

නල්තන්නිය ශ්‍රී පාද මාර්ගයේ සීත ගඟුලේ සිට ශ්‍රී පාද මළුව දක්වා කිලෝමීටර 5ක් දුරට වන්දනාකරුවන්ට සහ ශ්‍රී පාද මළුවට ජලය ලබා ගැනීම සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි.

ඊට අවශ්‍ය පොම්පාගාර වෙනුවෙන් විදුලි ට්‍රාන්ස්පෝමර් 4 ක්, ජල පොම්ප, යකඩ විදුලි කණු, විදුලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුළු ටොන් 25ක භාණ්ඩ සහ උපකරණ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයෙන් රැගෙන යාමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles