මේ වනවිට ගාලු මුවදොර ආශ්‍රිතව ගාල්කර තිබෙන රජයට අයත් වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා මුදාහැරීමට කටයුතු කරන බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල මහතා පවසනවා.
එලෙස වාහන ගාල්කර ඇති ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමෙන් පසුව, ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබී විවිධ නිලධාරීන් භාවිත කළ වාහන රැසක් එම කාර්යාලයට යාබද ගාලු මුවදොර ප්‍රදේශයේ මෙලෙස ගාල්කර තිබෙනු දක්නට ලැබෙනවා. ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල මහතා,