27.1 C
Colombo
Tuesday, March 17, 2026

බේකරි හිමිකරුවෙක් පහරදී ඝාතනය කරයි

රත්මලාන ප්‍රදේශයේ බේකරියක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 32ක බේකරි හිමිකරුවෙක් එලෙස ඝාතනය කර ඇති බවයි.

දෙදෙනෙකු අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පිහි ඇනුමක් සිදුව ඇති අතර පිහිඇනුමට ලක්වූ බේකරි හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටි අතරවාරයේ මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතකයා පලාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles