27.2 C
Colombo
Wednesday, December 10, 2025

දියවන්නා මන්දිරයේ සිදුවන ලිංගික හිංසන

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ, ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට, ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, තොරතුරු වාර්තාවෙනවා.

පසුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින්, පාර්ලිමේන්තු සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් කරනවා.

එලෙස ඔහුගේ වැඩ තහනමට ලක් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බලපෑම් එල්ල වූ සේවිකාවන් මෙතෙක් ඉදිරිපත් කර ඇති තොරතුරු සැලකිල්ලට අරගෙන.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පසුගියදා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරා.

අදාළ කමිටුව හමුවේ සේවිකාවන් පිරිසක් ස්වෙච්ඡාවෙන් පෙනී සිට තමන්ට සිදු වූ හිංසන සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර තිබෙනවා.

මෙම සේවිකාවන් තමන්ට සිදු වූ හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් සහකාරක ගෘහ පාලකවරයා හැර තවත් නිලධාරීන් කිහිප දෙනකු ගැනද තොරතුරු අනාවරණ කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගනු ලබන බවයි වාර්තා වන්නේ.

හිංසනයට ලක් වූ සේවිකාවන්ට සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම වැළැක්වීම සඳහා නිලධාරීන් සහ සේවකයන් පිරිසක් එම සේවිකාවන්ට විවිධාකාරයෙන් තර්ජන එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක්ද මෙවන විට වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන්ද කරුණු සොයා බලමින් සිටින බවයි පාර්ලිමේන්තු ප්‍රධානීහු පැවසුවේ.

මෙම සේවිකාවන්ට සිදු වූ අකටයුත්ත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා රට හදන්න නීති හදන තැනත් මෙවගේ අපරාධ වෙනවනම් අපේ රටේ පිරිහිම කොච්චරක්ද කියලා හිතන්න පුළුවන්ද දැන්වත් ඔබ බුද්ධිමත් වෙන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles