23.9 C
Colombo
Wednesday, January 28, 2026

ඇල්ලෙන් ඇසෙන ඔබ නොඇසු කතාව

ඇල්ල ආරුක්කු 09 පාලම සහ ඒ ආශ්‍රිතව ඉන්දීය චිත්‍රපටයක් රූගත කිරීමක් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම පිළිබඳව දැනුම් දිමත් සමඟ බොහෝ දෙනා මේ පිලිබඳව තොරතුරු විමසා සිටියා.

එ වගේම සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනා විවිධ අදහස් පලකර තිබුණා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ අදාළ චිත්‍රපට නිෂ්පාදන සමාගම මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 230ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන බවත් රුපියල් මිලියන 48ක ඇප තැන්පතුවක් ද කර ඇති බවයි.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ තෙලිඟු චිත්‍රපටයක් වන අතර එය භාෂා 18කින් හඬකවා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ඇල්ලේ ආරුක්කු පාලම ආශිතව මෙම චිත්‍රපටය 09 වැනිදා සිට 15 වැනිදා දක්වා රූගත කිරීම් සිදු කෙරන අතර  චිත්‍රපටයේ රූගතකිරීම් සිදු කිරීමට කාලය ඉල්ලා ඇත්තේ උදෑසන 9.00ත් සවස 3.30ත් දක්වායි.

කවුරුන් කුමන මතයක් දැරැවත් අපිනම් හිතන්නේ මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය වනවිට ශ්‍රී ලංකාවේ ආරුක්කු පාලම කෙරෙහි විශාල සංචාරක ආකාර්ෂණයක් ද ඇති වනවාට කිසිදු සැකයක් නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles