30 C
Colombo
Wednesday, December 10, 2025

දකුණේ නගර 03ක ATM යන්ත්‍ර හරහා කෝටියකට වැඩි මුදලක් කොල්ල කෑ විදේශිකයින් බවට සැක පිරිසක් සොයා මෙහෙයුම්

විදේශිකයින් බවට සැකකරන පිරිසක් බද්දේගම, හික්කඩුව සහ කරාපිටිය රාජ්‍ය බැංකු ශාඛා‍වල ATM යන්ත්‍ර මගින් ‍සූක්ෂම ලෙස  රුපියල් එක් කෝටි හය ලක්ෂ පනස් පන්දහස ඉක්මවූ මුදලක් සොරකම් කර ඇතැයි පොලීසිය පවසයි. 

පොලිසිය සඳහන් කළේ, ඊයේ (30)අලුයම් කාලයේදී එම ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එහි මෘදුකාංගවල දත්ත වෙනස් කර මුදල් සොරාගෙන ඇති බවයි.

නගර 3හිම මුදල් සොරා ගැනීම එකම ආකාරයට සිදුව ඇති බැවින් මෙම සිද්ධියට එකම පිරිසක් සම්බන්ධ බවට පොලිසිය සැක පල කරයි. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව, ගාල්ල හා බද්දේගම පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles