28 C
Colombo
Wednesday, December 10, 2025

පෙම්වතියව ඝා@තනය කර පෙම්වතාත් සියදිවි හානි කරගෙන

තරුණයෙකු විසින් සිය පෙම්වතියගේ ගෙලා කපා ඝාතනය කර ඔහුද සියදිවි හනිකරගත් පුුවතක් වාර්තා වුණේ පදියතලාව මරංගල ප්‍රදේශයේදි.

පසුගිය 23වනදා අලුයම 2.15ට පමණ මෙම ඝාතනය වි තිබුණා.

22 හැවිරිදි තරුණියගේ ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා දමා තිබු අතර ඇයගේ පෙම්වතා විසින් මෙලෙස සිදුකර ඇති බවයි විමර්ශණ වලදි අනාවරණය වි ඇත්තේ.

පෙම්වතියගේ ගෙල කැපිමෙන් අනතුරුව ඔහුද ගෙල ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සහිතව තරුණිය සිටි ස්ථානයට ආසන්නයේ මියගොස් සිටි බවයි පදියතලාව පොලිසිය සඳහන් කළේ.

තියුණු ආයුධයකින් පහර කා මියගොස් ඇත්තේ පදියතලාව,මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එම්.සරෝජා උදයංගනී නමැති විසි දෙහැවිරිදි තරුණියක්.

මියගිය තරුණියගේ හැට තුන් හැවිරිදි පියා සහ හැට දෙහැවිරිදි  මවද තියුණු ආයුධයකින් පහර කා බරපතළ තුවාල ලබා මඩකළපුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසනනේ මෙම තරුණිය මොනරාගල ප්‍රදේශයේ තරුණයෙක් සමඟ වසර තුනකට වැඩි කාලයක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් මෑත කාලයේ එම සම්බන්ධය ඇයගේ මවුපියන් අකැමැති විම හේතුවෙන් අතහැර දමා තිබු බවයි.

ඉන් පසු මෙම තරුණිය කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගොස් ඇති අතර මීට දින තුනකට පමණ පෙර ඇය ගමට පැමිණ තිබෙන බවයි ගම්වසින් පවසන්නේ.

ගම්වාසීන් පවසන අන්දමට මෙම තරුණිය වෙනත් තරුණයෙක් සමඟද ප්‍රේම සම්බන්ධයක්ද මෙමෙ කාලයතුල පවත්වාගෙන ගොස් තිබෙනවා.

මියගිය තරුණයා මොනරාගල ප්‍රදේශයේ සිට පැමිණි බවට සැක කරන යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයට මීටර් කිහිපයකට දුරින් නවතා තිබියදී පොලිසිය සොයාගත්තා.

පදියතලාව පොලිසිය පවසන අන්දමට මෙම තරුණිය තියුණු ආයුධයකින් පහර කෑමට ලක්ව ඇයගේ බාප්පාගේ නිවෙසට යෑමට මීටර් එකසිය පනහක් පමණ දුරට ඇවිද යන අතර තුර මිය ගොස් ඇති බවයි.

සැකකාර පෙම්වතාගේ බෙල්ලට සිදු කළ පහරදීම ගැඹුරට කළ කැපුමක් බවද මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පදියතලාව පොලිසිය පවසනවා. පදියතලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහිත ගුණසේනගේ මූලිකත්වයෙන් අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles