23.9 C
Colombo
Wednesday, January 28, 2026

බිත්තර රෝල්ස් එකේන් හමුවු සුදු බෝලය – බිත්තර කන්නේ කල්පනාවෙන්

දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි සලකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක ප්ලාස්ටික් හෝ රබර්වලට සමාන බිත්තරයක් තිබූ බවට පාරිභෝගිකයකු පැමිණිල්ලක් කළ බව බෙන්තර සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

මෙලෙස පැමිණිල්ල සිදු කර ඇත්තේ අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන බව සදහන්.

පැමිණිලිකරු තවත් අයකු සමග බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්,එළවළු රොටියක්, වතුර බෝතලයක් කොකාකෝලා බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිළදී ගෙන තිබුණා. බිත්තර රෝල්ස් එකේ තිබූ බිත්තරයකට සමාන සුදු බෝලය හැපීමට නොහැකි වූ බවයි ඔහු කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles