28 C
Colombo
Wednesday, December 10, 2025

සරසවි බිම හඬවමින් ජීවිතයට සමුදුන් සැන්ඩාගේ අබිරහස් මරණය

බොහෝ දෙනෙක් කියන කතා මොන තරම් තිබුණත් අද ඔහු ඒ සියල්ල නෑසෙන දුරකට මේ වෙනකොටත් ගිහින්.. ප්‍රින්ස්ගේ වටේ සිටි හිතමිතුරන් කොහොම නම් මේ දුක දරාගන්න ඇතිද..?
තවත් අහන්න ලැබුණු ඛේදනීය සිදුවීමක්..
කැලණිය විශ්වවිද්‍යාලයේ, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ, සිව්වන වසර ඉගෙනුම ලබමින් සිටි, ප්‍රින්ස් රාජු බණ්ඩාර නම් තරුණයා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා.
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි ඔහු උඩු මහලේ සිට බිමට වැටී ඇති අතර, පසුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබුණා..
ඔහු එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පැවසුවා..
එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිට තිබුණා.
කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණ අතර මේවන විට වාර්තා වි ඇත්තේ යගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී ඇතිබවයි.
සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පවත්වා ඇති අතර පසුව රැස්වු සියලු දෙනා නේවාසිකාගාර වෙත ගොස් තිබෙනවා.
එහිදී මත්බවින් සිටි සිසුවා සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහළේ ඔහුගේ කාමරය වෙත ඇරලවා අනෙක් මිතුරන් එම ස්ථානයෙන් ගොස් තිබුනා.
ඒ අනුව අධික ලෙස මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අදාළ සිසුවා නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇඳ වැටී මියයන්නට ඇතැයි පොලීසිය සැකකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සරසවි අධ්‍යාපනය හදාරන අතරතුර මෙම සිසුවා උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යනය සඳහා උපකාර පංති පවත්වමින් ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
ප්‍රින්ස් රාජු බණ්ඩාර ඔහු මෙතරම් දුර පැමිණිමට කොතරම් වෙහසක් දරන්නට ඇතිද,මත් බව එ සියල්ල අහිමිකරණුයේ ඔබේ ආදරණියන්ට දුකක් එක්කරමින්.
මෙයින් ඉගන ගතයුතු පාඩම සමස්ත තරුණ තරුණියන්ටම එකහා සමානව බලපාණු ඇති..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles