30.6 C
Colombo
Sunday, June 22, 2025

හිටපු හමුදාපති හැමිල්ටන් මහතාට හිටපු ජනපති ගෝඨාභය කළ අවසන් ගෞරවය මෙන්න

වසර 40කට වැඩි කාලයක් මාතෘභූමිය වෙනුවෙන් ඉතා අගනා සේවයක් ඉටුකළ ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත් යුද හමුදාපතිවරයකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වුයේ පසුගිය 13වනදායි.

මේ රටේ කුරිරු ත්‍රස්තවාදය පැවැති 88, 89, 90, 91 කාලවලදී තම මාතෘභූමිය රැක ගැනීම වෙනුවෙන් අගනා සේවාවක් ඉටු කළ මෙම වීර සෙන්පතියා අසනීප තත්ත්වයෙන් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 91 වැනි වියේ පසු වුණා.

1954 වර්ෂයේදී කෙඩෙට් නිලධාරියකු ලෙස එවක ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ වනසිංහ මහතා, මූලික යුද පුහුණුව ී්බායමරිඑ හි රාජකීය හමුදා විශ්වවිiාලයෙන් හැදෑරීය.

ඉන් අනතුරුව දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරියකු ලෙස පත්කරනු ලැබීය.

යුද හමුදාපති ලෙස පත්වීමට පෙර ඔහු හමුදාවේ විවිධ තනතුරු රැසක් හෙබවිය.

1988 වර්ෂයේදී මෙරට 11 වැනි යුද හමුදාපතිවරයා ලෙස ඔහු පත් විය.

හැමිල්ටන් වනසිංහ මහතා 1995 වසරේදී යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ අතර, ඉන් අනතුරුව ඔහු මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හෙබ විය.

ගම්පහ, මල්වාන ප්‍රදේශයේදී උපත ලැබූ හැමිල්ටන් වනසිංහ මහතා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි.

දක්ෂ ක්‍රීඩකයකු වූ ඔහු පාසල් කාලයේ ශිෂ්‍ය භට බළකායේ සැරයන් මේජර් තනතුර හෙබ විය.

විiාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ වනසිංහ මහතා, පාසල් කාලයේදී මෙන්ම ඉන්පසු යුද හමුදා සේවා කාලයේදී බොහෝ කුසලාන දිනා ගැනීමට සමත් විය.

ඔහු සිලෝන් ඉන්ටර් ඩොමිනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලිය ද නියෝජනය කර තිබේ.

එසේම, රටේ පැවැති කුරිරු යුද්ධය අවසන් කිරීමට විශේෂ බලපෑමක් කළ ස්නයිපර් බළකාය යුද හමුදාවට හඳුන්වා දෙනු ලැබුවේ ද ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාය.

හැමිල්ටන් වනසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි 15 වැනිදා ඉරිදා පස්වරුවේ පූර්ණ යුද හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරන බවත්, දැනට ඒ මහතාගේ දේහය මල්වානේ නිවසේ තැන්පත් කර තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් වරුණ ගමගේ මහතා “දිවයින”ට පැවැසීය.

එසේම ඒ මහතාගේ එකම පුත්‍රයා ද තම කාලතුවක්කු රෙජිමේන්තුවේ 2 වැනි මේජර් ජෙනරාල්වරයා ලෙස ද කටයුතු කළේය. ඔහු නමින් මේජර් ජෙනරාල් සංජය වනසිංහ විය.

එමෙන්ම ඒ මහතාගේ බෑණනුවන් ද යුද්ධය පැවැති කාලයේ අලිමංකඩදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක දී දිවි පිදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles