30.6 C
Colombo
Wednesday, January 28, 2026

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් අනූනවයෙන් බේරෙයි..

ඉන්දිය පොලිසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ, පිළිස්සුම් තුවාල ලබා සිටින 25 හැවිරිදි පාන්ට් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් අනතුරින් ඔහුට බරපතළ තුවාල සිදුවී නොමැති බවත් ය. 

ක්‍රිකට් ක්‍රීඩකයින්, විස්ත විචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් ඔහුට ඉක්මන් ඉක්මන් සුවය  ප්‍රාර්ථනා  කරමින් ට්විටර් පණිවිඩ යොමු කර තිබේ. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදු වන අවස්ථාවේ වෙනත් කිසිවෙකුත් මෝටර් රථයේ සිට නොමැති බවයි. 

තවද  රථය ගිනි ගැනීමට පෙර ඔහු ඉන් ඉවතට පැන ඇත. 

දිල්ලියේ සිට ඔහුගේ උපන් ගම වන රූර්කි වෙත යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවට ඉන්දිය පොලිසිය සැක පළ කරයි. 

කෙසේ වෙතත් පාන්ට් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20-20  සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා වන ඉන්දීය සංචිතයේ ඇතුළත් නොවිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles