26.7 C
Colombo
Wednesday, December 10, 2025

මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා පේලේ මෙලොවින් සමුගනී..

මිය යන විට 82වැනි  වියේ පසු වූ ඔහු වසර කිහිපයක් වකුගඩු සහ උදරය ආශ්‍රිත රෝග වලින් පීඩා විඳි අතර පේලේ, පසුගිය වසරේදී ශල්‍යකර්මයකට ද ලක් කෙරුණි. 

රෝග තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු නැවත වරක් රෝහල්ගත කෙරුණේ, මේ වසරේ නොවැම්බර් මාසයේ අවසන් භාගයේදී වූ අතර ඒ අනුව පේලේ මෙරට වේලාවෙන් අද (30)  අළුයම මෙලොවින් සමුගත් බව නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝහල තහවුරු කර තිබේ. 

ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස පාපන්දු පිටියේ අණසක පැතිරවූ පේලේ බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන 3 ක් දිනා දීමට සිය දායකත්වය ලබා දුන් අතර, වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් එවන් දක්ෂතාවක් දක්වා නොමැත. 

පාපන්දු පිටියේ වාර්තා රැසක් පිහිටුවමින්, ලොව පුරා ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ ඔහු තරග බිමෙන් සමු ගැනීමෙන් අනතුරුව ද අවස්ථා රැසකදී ඇගයීමට ලක් වූයේ සිදු කළ අමරණීය මෙහෙය හේතුවෙනි.

ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසය සහ සංඛ්‍යාලේඛන සම්මේලනය හෙවත් අයි.එෆ්.එෆ්.එච්.එස් ”ශත වර්ෂයේ ලෝක ක්‍රීඩකයා ”ලෙස ඔහු නම් කළ අතර තරග බිමට සමු දීමෙන් අනතුරුව ද තමන්ගේ ජීවිතය හා බද්ධ වූ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කැප වූයේ පාපන්දු ක්‍රීඩාව සඳහා තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles