28 C
Colombo
Wednesday, December 10, 2025

ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් තීරණාත්මක අවසන් පුර්ව වටය අද ඇරඹෙයි

ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පුර්ව වටයේ තරග අද ආරම්භ වනවා.

අද(15) පස්වරු 2ට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව නවසීලන්තය තරග වදිනු ඇති.

මෙම අවසන් පුර්ව වටයේ විශේෂත්වය වන්නේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබු රටවල් 4න් දෙකක් ම එක් ලෝක කුසලානයක් හෝ ජයග්‍රහණය කර තිබීම සහ තවත් කණ්ඩායම් දෙකක් සිය කුළුදුල් ලෝක කුසලානයක පහස විද ගැනිමට බලාපොරොත්තු දල්වා සිටිමයි.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එලෙස කිසිදු එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැති අතර ඔස්ට්‍රෙිලියාව එක්දින ලෝක කුසලාන ශුරතා 5ක් මෙන්ම ඉන්දියාව ශුරතා 2ක් ජයගෙන තිබෙනවා.

එමෙන්ම අඛණ්ව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබු රටක් ලෙස වනසීලන්තය හැඳින්විය හැකියි.

තරගාවලියේ පැවති තරග 9ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 18ක් අතැතිව ඉන්දිය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින අතර නවසීලන්තය ලකුණු 10ක් ලබා සිව්වන ස්ථානයේ පසුවනවා. තීරණාත්ම තරගයක් අද දැකගත හැකිවන අතර තරගය ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුදුකම් ලබා ගැනු ඇති

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles