28 C
Colombo
Wednesday, December 10, 2025

මැතිව්ස්ට වෙච්චදේ එංගලන්ත ක්‍රීඩක Chris Woakesටත් වෙයි – හැබැයි ඔහු දැවි නොයයි

නෙදර්ලන්තය සහ එංගලන්තය අතර දැන් පැවැත්වෙන තරගයේ 35 වන පන්දුවාරයේදී Moeen Aliගේ දැවී යාමත් සමග පිටියට පිවිසි Woakesට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේනවා.

Chris Woakes පිටියට පිවිසියද ඔහුගේ හිස් ආවරණයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් පන්දුවට පහරදීමට කාලය ගතවුණා.

ඔහු කඩිනමින් විනිසුරු වෙත ගොස් සිනාමුසු මුහුණින් යුතුව එම සිදුවීම විස්තර කරන අයුරු මෙලෙස සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තිබේනවා.

ප්‍රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායම ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කරන ලෙස ඉල්ලීම් නොකිරීමත් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වනවා.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී හිස් ආවරණයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මැතිව්ස් පන්දුවට පහරදීමට ප්‍රමාද වූ බව පවසා ශකීබ් කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරුන් ඔහුව දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කිරීමේ සිදුවීමත් සමග මෙලෙස මෙම සිදුවීම වෙතද බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් එම අවස්ථාවේ ඡායාරූප හුවමාරු කර ඇත්තේ “බයවෙන්න එපා උන් බංගලි වගේ නොවෙයි” යනුවෙන් සඳහන් කරමින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles