26.7 C
Colombo
Wednesday, December 10, 2025

අකිල විමංගට සිංහල වැරදුණාද?

අකිල විමංග සෙනවිරත්න කියන්නෙ ටියුෂන් කෙරුවා ව ඇතුළේ බොහෝම ජනප්‍රියතම චරිතයක්. ඒ කියන්නෙ ඔහු සිංහල ගුරුවරයෙක්..

ඇත්තටම ඔහු සමාජ මාධ්‍ය තුළත් බොහෝම ගෞරවාදරයට පාත්‍ර ගුරුවරයෙක් චරිතයක් කියන එක රහසක් නම් නෙවෙයි. රූපවාහිනි වැඩසටහන් හරහාත් දැන් දැන් ඔහු ඔබේ නිවසට යන එනවා ඔබත් දකිනවා ඇති.

අකිල විමංග ඔහුගේ යූටියුබ් නාලිකාව හරහාත් අතිශය විශාල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගෙන ඉන්නවා.

කොහම උනත් විටින් විට ඔහු සිදු කරන ඇතැම් ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ බොහෝම හාස්‍යයට ලක් වුන අවස්ථා නැතිවාම නේමේ. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව අකිල විමංග ඔහුගේ ෆේස්බුක් ගිණුමට පෝස්ටුවක් එක් කර තිබුණා. එ තමයි

“මම සල්ලි අරං උගන්වපු නිකම්ම නිකං ටියුෂන් ව්‍යාපාරිකයෙක්…

 ඒ නිසා එක ප්‍රතිඵලයක්වත් ඉගැන්නුව මගේ නෙවෙයි…

රුපියල් 35000/- පඩියට උගුරු ලේ රහ වෙනකල් ඉගැන්නුව ඉස්කෝලේ ගුරුවරුන්ගෙයි.

රුපියල් 150/-ක් පාං රාත්තලක් වෙච්ච රටේ නොකා නොබී ඔයාලට කන්න බොන්න දීලා උගන්වපු අම්මගෙයි තාත්තගෙයි… – අකිල විමංග සෙනෙවිරත්න –

මේ පෝස්ටුවේ සඳහන් ඇතැම් වචන නිවැරදි නොවන බව කියමින් විවිධ පිරිස් ඔහුට චෝදනා නඟා තිබුණා. එහිදි අයෙකු ෆෙස්බුක් හරහා පොස්ට්ටුවක් පල කරලා මෙහෙම කියලා තිබ්බා.

මේ කියලා තියෙන කතාව ඇත්ත...

 මේ එක ප්‍රතිඵලයක් වත් මේකා ගෙ වෙන්න බැහැ...

 මේ සා දොස් සහිත අම්බරු සිංහලයක් ලියන එකකු ගෙන් ඉගෙන ගෙන ඔය සා විශිෂ්ට ප්‍රතිඵල ලබන්න    බැහැ..

එක්කො ඔය ළමයි වෙන ගුරුවරයකු ගෙන් ඉගෙන ගෙන...

නැත්නම් දැන් උසස් පෙළ සිංහල ප්‍රශ්න පත්‍රය ඕනෑ ගොනකුට විශිෂ්ට ප්‍රතිඵල ගත හැකි අන්දමේ අන්තිම බාල එකක්...

තවත් අයෙකු මෙහෙම කියලා තිබ්බා..

වැරැද්ද නම් වැරැද්ද. එච්චර ‍යි. අඩුපාඩු හොයන්නෙ අඩුපාඩු තියන නිසා නේ. බස එක්ක අවලමේ යන උන් ව හුරතල් කිරිලි නෑ. මේ වගේ පොරවල් ළමයින්ට උගන්වනවා නම්, ඇරලා දාන්නෙ නැති ව තොඳොල් කර කර ඉන්න ද කියන්නේ? පච උගන්වනවා නම්, සන්නස්ගල ද අකිල ද අරක ද මේක ද අදාළ නෑ කියලා..

හැබැයි අකිල විමංග ඒ දලා තිබ්බ පොස්ට් එකට ලැබිලා තියෙන යහපත් ප්‍රතිචාර නම් ඉතා ඉහලයි..ගුරුවරයෙක් විදියට හැමෝම අකිල සර්ට සුභ පැතුම් එකතු කරලා තිබ්බේ තව දුරටත් මෙරට විශ්ෂිඨ දරුවන් බිහි කරන්න වාසනාව ලැබෙන්න කියලා..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles