28.4 C
Colombo
Tuesday, January 27, 2026

බාලවයස්කරුවන් පෙම් සුව විදින අලුත් පොට් එක

හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන, පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක, ආවරණය කළ කුඩා කාමර තුල, බාලවයස්කාර දරැවන් ලිංගික කටයුතු සිදු කරන බවට,ප්‍රදේශයේ දෙමාපියන්, ආගමික නායකයින් ඇතුළු, විශාල පිරිසකගෙන්, පොලිසයට පැමිණිලි ලැබි තිබුණා.

අදාල පැමිණිලි මත, බුද්ධි අංශ නිලධාරන්ගෙන්ද, තොරතුරු ලබා ගනිමින්, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ,සෝදිසි කිරිමේ නියෝගයක් ලබා ගැනිමට, හෝමාගම මුලස්ථාන පොලිසිය කටයුතු කර තිබුණා.

ලබාගත් සෝදිසි නියෝගයට අනුව ක්‍රියාත්මක වු පොලිස් නිළධාරින්, අදාල ස්ථානය, මෙලෙස වටලණු ලැබුවා.

වැටලිම සිදුකර අවස්ථාවේදිත්, මෙම කුටි තුල තරුණ තරුනියන් 48දෙනෙකු ,අසභ්‍ය ලෙස හැසිරෙමින් සිටින අයුරු ,දක්නට ලැබුණා.

මෙම තරුණ තරුණියන් උපකාර පන්ති යන බව පවසමින් මෙම ස්ථානයට පැමිණෙන ඇති බවට විමර්ශන වලදි අනාවරණය වි තිබෙනවා.

මෙම වැටලීම සිදුකල අවස්ථාවේදී එම උද්‍යානයේ හිමිකරැ පැමිණ පොලිස් නිළධාරීන් සමග දැඩි ස්වරයෙන් කතා බහ සිදු කිරීම නිසාවෙන් තරමක උණුසුම් තත්වයක්ද ඇතිවුණා.

පසුව පොලිස් භාරයට ගත් තරුණ තරුණියන් සියලු දෙනා කැඳවා එම දරැවන්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාල තරුණ තරුණියන්ගේ භාරකරැවන් වෙත දුරකතන ඇමතුම් ලබා දී මුදා හැරීමට පොලිසිය කටයුතු කලාග

මෙවැනි ආවරණය කල ස්ථානවලදී තරැණ පිරිස් අතර සිදුවන කටයුතු නිසාවෙන් එම තරැණ ජීවිත විනාශවීමට ඉඩ ඇති බැවින් මේ පිළිබදව දෙමාපියන් දැඩි ලෙස අවදානයෙන් පසුවන ලෙස ද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු දෙමාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles