26.7 C
Colombo
Wednesday, December 10, 2025

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද පිටියට

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරග වටයේ සෙසු තරග අද සිට මෙරට දී පැවැත් වෙනවා.

ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්තාන කණ්ඩායම, ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම පසුගිය 07වනදා දිවයිනට පැමිණීයා.

ආසියානු කුසලානයට සමගාමී සියලු තරග සහ අවසන් මහා තරගය ද කොළඹ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

සුපිරි සිව්දෙනා අතර පළමු තරගය ලාහෝර් නුවරදී පැවැත්වුණු අතර, එහිදී බංග්ලාදේශය පරදමින් පළමු සුපිරි සිව්දෙනාගේ තරග වටයෙන් ජයග්‍රහණය කිරීමට පකිස්තාන කණ්ඩායම සමත් වුණා.

දෙවැනි සුපිරි 04 වටයේ තරගය අද පස්වරු 3ට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්විමට නියමිතයි.

සැප්තැම්බර් 10 වැනි දින අසල්වාසී පකිස්තානය සහ ඉන්දියාව අතර තරගය පැවැත්වෙන අතර, සැප්තැම්බර් 12 වැනි දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතයි.

සැප්තැම්බර් 14 පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතරත්, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය සැප්තැම්බර් 15 වැනි දිනත් පැවැත්වෙනවා.

මෙම සුපිරි සිව්දෙනාගේ තරග වටය නිමාවට පත් වූ පසුව සැප්තැම්බර් 17 වැනි දින රාත්‍රී 7ට මෙවර ආසියානු කුසලානයේ අවසන් මහ තරගය පැවැත්වීමටයි තරග සංවිධායකයින් තීරණය කර ඇත්තේ. GROUP A කාණ්ඩයෙන් පකිස්තානය පෙරමුණ ගෙන ඇති අතර GROUP B කාණ්ඩයෙන් පැවති තරග දෙකම ජයගනිමින් ශ්‍රී ලංකාව පළමු තැන හිමිකරගෙන සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles