28 C
Colombo
Wednesday, December 10, 2025

හලාවතම කම්පා කරමින් ජීවිත තුනක් බිලිගත් ගින්න

හලාවත, සිංහපුර ප්‍රදේශයක දෙමහල් නිවසක ගින්නක් හටගෙන ඇතැයි හලාවත පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ අද අලුයම 6ට පමණ.

ඒ අනුව හලාවත පොලිසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එහි ගොස් ගින්න මැඬපැවැත්වීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව විමර්ශන නිලධාරීන් නිවස තුළ සිදුකළ පරීක්ෂාවේදී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණු අතර මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් වන එස්.ජී. සේනාරත්න නම් නිවෙස් හිමියා , 44 හැවිරිදි මංජුලා නිරෝෂනි නම් ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂා යන නිවැසියන් බවට හඳුනාගැනුණා.

මවගේ මළ සිරුර නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගැණුනු අතර පොලිසිය සඳහන් කළේ ඇගේ ගෙල කපා දමා තිබූ බවයි.

පියා සහ දියණියගේ මළසිරුරු හමුවී තිබුණේ නිවසේ සාලයේ තිබියදීයි.

මියගිය කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් වන අතර ප්‍රදේශයේ දහම් පාසලේ ගුරුවරියක ලෙසද කටයුතු කර තිබුණා.

ඇගේ සැමියා ඉඩම් හා රථවාහන ව්‍යාපාරයක නිරතව සිටි අයෙක්.

හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබු ඔවුන්ගේ දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.

මීට මසකට පමණ පෙරද මෙම නිවසේ තිබූ ලක්ෂ 25ක පමණ රන් ආභරණ අතුරුදහන්වී තිබූ අතර, නිවසට කිසිවෙකු හෝ පිටතින් ඇතුළු නොවී තිබියදී එලෙස රන් භාණ්ඩ අතුරුදන් වීම මේ දක්වා නොවිසඳුණු අබිරහසක්ව පවතින බවයි.

වොයිස් – නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අද දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු හලාවත මූලික රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles