31.1 C
Colombo
Tuesday, July 28, 2026

පාතාල තර්ජන මැද නටන දෙවිනුවර ‘කාවඩි’ උණුසුම් වු සාකච්ඡාවේ මාධ්‍යයේ නොගිය ටික

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර! දැඩි ආරක්ෂක රැකවල් යටතේ පෙරහැර අද වීදි සංචාරය කරයි

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) පැවැත්වෙන කාවඩි නර්තනය සහිත පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) ද පෙරහැරේ ආරක්ෂාව සඳහා පූර්ණ ලෙස යොදවා ඇති බවයි.

මීට පෙර අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙවර කාවඩි නර්තනය තාවකාලිකව නතර කිරීමට පොලිස්පතිවරයා නිර්දේශ කර තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව, පසුගිය වසරවල සහභාගී වූ සියලුම කණ්ඩායම්වලට මෙවරද කාවඩි නර්තනය සඳහා අවසර ලබා දීමට තීරණය විය.

ඒ අනුව, පොලීසියේ සෘජු අධීක්ෂණය යටතේ අද දිනයේ මෙම සංස්කෘතික මංගල්‍යය පැවැත්වේ.

https://www.facebook.com/share/v/1NzT1r7ZJB/

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles