33 C
Colombo
Tuesday, January 27, 2026

සුලු පියා විසින් දුව ඝාතනය කරයි

වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දමා තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (5) රාත්‍රියේ වයස අවුරුදු 14ක් වන තම දියණිය දෙසැම්බර් 2වනදා සිට අතුරුදන්ව ඇති බවට ගම්පහ පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ඝාතනයේ සුලමුල සොයාගැනීමට පොලීසියට හැකිව ඇත.

දැරියගේ මව විසින් මෙම ඝාතනයට තම දෙවන සැමියා සැකකරන බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු අනුව පැමිණිලිකාරියගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළිවලට දමා සැකකරු විසින් කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා ඇති බව හෙළි වී තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, ගම්පහ මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය  පැවැත්වීමට නියමිතය. 

ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles