28 C
Colombo
Wednesday, December 10, 2025

මහපාරේ රෙද්ද ගලවපු හරීන් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත්, හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.

මැතිවරණ නීති කඩකළ බවට එල්ලවූ චෝදනාවක් මත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ,හරින් ප්‍රනාන්දු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

මහ මැතිවරණයට පෙර මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි ඔහුව අත්අඩංගුවටගත් බවයි බදුල්ල මූලස්ථාන පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙසේ ඇප ලබා දී තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයට හරීන් ප්‍රනාන්දු තරග වැදුණේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන්.

මහ මැතිවරණයේ නිහඬ කාලය ආරම්භවීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් වු අතර එදින පස්වරුවේ හරින් ප්‍රනාන්දු මැතිවරණ නීති උල්ලංඝනය වන අයුරින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වී සිටි බවටයි චෝදනා එල්ලවුණේ.

එහිදී එම ස්ථානයට බදුල්ල පොලිසියේ සහ බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරින් පැමිණි අතර එම අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පාක්ෂිකයින්ද නිලධාරීන් සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා.

එහිදී හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ පාක්ෂිකයින් පැළඳ සිටි ඇඳුම් මැතිවරණ නීති කඩ කිරීමක් ලෙසයි පොලිසිය ප්‍රකාශ කළේ.

ප්‍රචාරක කටයුතු සදහා පස් දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වීමද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පොලිසිය පෙන්වා දුන්නා.

ඒ අනුව, පොලිසිය එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ අතර හරීන් ප්‍රනාන්දු එම අවස්ථාවේදී තමා ඇඳ සිටි ඇඳුම ගලවා එම
ස්ථානයෙන් පිටව ගියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles