26.7 C
Colombo
Wednesday, December 10, 2025

වස්තිලාට වෙලාව නෑ කිව්වා විතරයි යුද පිටියක් වූ මැදිරිගිරියේ සංගීත ප්‍රසංගය

හිඟුරක්ගොඩ, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
ඊයේ රාත්‍රීයේ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම කළහකාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා සහභාගී වන බවට ප්‍රකාශ වී තිබු වස්ති ගායකයින් දෙපළ සංගීත සංදර්ශනය සඳහා සහභාගී නොවීම හේතුවෙන් මෙම කළහකාරී තත්ත්වය හට ගෙන තිබෙනවා.
ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් එම සංගීත සංදර්ශනය පැවැත්වෙන බවට සංවිධායකයින් විසින් ප්‍රචාරක කටයුතු සිදුකර තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ද පියවර ගෙන තිබුණා.
සංදර්ශනය අවසන් කරන බවට අලුයම 1.30ට පමණ නිවේදකයා දැනුම් දීමත් සමග ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස් ප්‍රසංගයේ පුටු ඇතුළු දේපළ මෙන්ම සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලට ද පහරදී අලාභහානි සිදුකරේ මෙලෙසින්
එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් 45 දෙනෙකු පමණ යොදවා තිබුණ ද ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වුණා.
ප්‍රසංගයේ සංවිධායකයින් විසින් පෙරොන්දු වූ මුදල ලබා නොදීම හේතුවෙන් වස්ති ගායකයින් දෙපළ ප්‍රසංගය සඳහා සහභාගී වී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණ වූ බව මැදිරිගිරිය පොලීසිය සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles