32.2 C
Colombo
Tuesday, January 27, 2026

රාජාංගණය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත  කරයි

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දහයක් සහ අංගමුව ජලාශය වාන් දොරටු දෙකක් මේ වන විට  විවෘත කර තිබේනවා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය  අඩි පහක් උසට වාන් හතරක් ද ,අඩි හතරක් උසට වාන් හතරක්ද, අඩි දෙකක් උසට වාන් දෙකක්ද විවෘත කර ඇති බවට රාජාංගනය ජලාශ භාර වාරි ඉංජිනේරු  සම්පත් සමරජීව මහතා පැවසුවා.

එ මගින් තත්පරයට ඝන අඩි 9930 ක් කළා ඔයට මුදා හරිනු ලබනවා.

අංගමුව  ජලාශය වාන් දොරටු දෙක අඩි හතක් උස්සා ඇති බැවින් එයින් තත්පරයට ගණ අඩි 3650 ලුණුඔයට මුදා හැරෙනවා.

මෙහෙතුවෙන් කලා ඔය සහ ලුණුඔය ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට දැඩි සැළකිළ්ළෙන් සිටින ලෙසට ජලාශ භාර වාරි ඉංජිනේරුවරයා දැණුම් දෙනවා.

ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට ඉදිරි කාලයේ දී අධික වර්ෂාවක් ලැබුණහොත්  තවත්  වාන් දොරටු  විවෘත කිරීමට සිදුවන බවයි වාරි ඉංජිනේරුතුමන් පැවසුවේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles