28 C
Colombo
Wednesday, December 10, 2025

සංචාරකයින් රැගත් සුපිරි නෞකාවක් දිවයිනට

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, අද දිනයේ මෙරටට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී මගී නෞකාව සාදරයෙන් පිළිගත්තේය.

ඉන්දියාවේ ප‍්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises සමඟින් ඇති කරගත් මෙම නව හවුල්කාරිත්වය උපරිම ලෙස භාවිත කරමින් චෙන්නායි සිට සංචාරකයින් 1,600ක් රැගෙන සිය මංගල ජාත්‍යන්තර ගමන ලෙස හම්බන්තොට වරායට සපැමිණි මෙම සුඛෝපභෝගී නැව Advantis කණ්ඩායම උණුසුම් ලෙස පිළිගත්තේය. මෙම නැවෙන් පැමිණෙන මගීන්ට මල් මාලා පළඳවමින් සාම්ප‍්‍රදායික උඩරට නර්තන ශිල්පීන් සහ බෙර වාදකයින් සමඟින් සම්මිශ‍්‍ර වූ ශ‍්‍රී ලාංකික සත්කාරකත්වය අත්විඳීමට මෙහිදී මගින්ට හැකි විය.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් පළ කරමින් හේලීස් සමූහයේ සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “Cordelia Cruises සහ එම සුඛෝපභෝගී නෞකාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් පිරිසක් පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. සංචාරක වටිනාකම් දාමය අලූත්කිරීමට සහ වාණිජමය වශයෙන් සැලකිය යුතු අවස්ථා විවර කිරීමට අප ගත් උත්සාහයේ කැපීපෙනෙන ජයග‍්‍රහණයක් අද දින සනිටුහන් කිරීමට හැකි වීම සතුටක් වගේම අප රට ජාත්‍යන්තර වශයෙන් ගොඩනගා ගෙන ඇති කීර්ති නාමය සහ අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගනිමින් නැව් සඳහා ප‍්‍රමුඛ පෙළේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අප අරමුණු කරගෙන සිටිනවා.’’ යනුවෙනි.

Advantis සහ Cordelia Cruises සිය ප‍්‍රවීණත්වය සහ සම්පත් ඒකාබද්ධ කිරීමත් සමඟින්, ශ‍්‍රී ලංකාවේ සුවිශේෂත්වය ලෝකයට විවර කිරීමටත් පෙර අත් නොවිඳි ආකාරයේ සුවිශේෂී අත්දැකීම් සොයා යන සුඛෝපභෝගී සංචාරකයින් සඳහා වන ඉහළ පෙළේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles