27.2 C
Colombo
Wednesday, December 10, 2025

අගමැතිට එල්ලවු කඳුළු ගෑස් ප්‍රහාරය

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට ප්‍රසිද්ධ උත්සවයකදී දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් ජපාන බලධාරීන් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා  අදාල ස්ථානයෙන් නිරුපද්‍රිතව ඉවත් කල බවයි .

ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා මහතා දේශනයක් පැවැත්වීමට නියමිත සිටි වකාමා ප්‍රදේශයේදී මෙමෙ ප්‍රහාරය එල්ල වූනා.

සිද්දිය  ඇසින් දුටුවන් කියා සිටියේ පුද්ගලයෙකු යමක් විසි කරන ආකාරය ඔවුන් දුටු බවත්, පසුව දුම් දමනු දුටු බවයි.

ඒ සමග විශාල පිපිරුම් හඬක් ඇසී තිබෙනවා.

සිද්දියෙන් තුවාලකරුවන්  කිසිවක් වාර්තා වී නොමැති අතර වීඩියෝවේ දැක්වෙන්නේ නිලධාරීන් සැකකරුවෙකු යැයි විශ්වාස කරන පුද්ගලයෙකු සිය ග්‍රහනයට ගන්නා ආකාරයයි.

 ජපාන NHK පුවත් සේවය , කිෂිඩා මහතා උපුටා දක්වමින් කියා සිටියේ එම ස්ථානයේ “ඝෝෂාකාරී පිපිරීමක්” ඇති වූ බවයි.

“පොලිසිය සිදුවීම  විමර්ශනය කරන, නමුත් බොහෝ පුද්ගලයින් කනස්සල්ලට පත් කිරීම සහ ඔවුන්ට කරදර කිරීම ගැන මම සමාව අයදින්න කැමතියි.” යනුවෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

කිෂිඩා මහතා ප්‍රචාරක උත්සවයක් සඳහා වකායාමා හි ධීවර වරායේ සංචාරය කිරීමෙන් පසු දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටියදී මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය සිදුවුවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ අග්‍රාමාත්‍යවරයා ඉදිරි  කාලය සඳහා සැලසුම් කර ඇති පරිදි  වැඩසටහන් වලට සම්බන්ධ වනු ඇති බවයි.

එම ස්ථානයේ සිටි කාන්තාවක්  “මම තුෂ්නිම්භූත වුණා. මගේ හදවත තවමත් වේගයෙන් ගැහෙනවා.” NHK වෙත පවසා තිබෙනවා.

“එතකොට අපිට ඇහුණා ඇත්තටම ලොකු සද්දයක්. ඒකෙන් මගේ දුවට ඇඬුණා,” ඇය වැඩිදුරටත් පැවසුවා.

තවත් පුද්ගලයෙක්  NHK වෙත පැවසුවේ පිපිරුම ඇසීමට පෙර සමූහයා භීතියෙන් විසිර යාමට පටන් ගත් බවයි.

කවුරුන් හෝ පුපුරණ ද්‍රව්‍යයක් විසි කර ඇති බව  පැවසූ නිසා පිරිස දිව ගිය බව  ඔහු පවසා තිබෙනවා.

කිෂිඩා මහතාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකු වන හිරෝෂි මොරියාමා පැවසුවේ, “ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන මැතිවරණ ව්‍යාපාරයක් අතරතුර මෙවැනි දෙයක් සිදුවීම කණගාටුවට කරුණක්  මෙන්ම එය සමාව දිය නොහැකි සාහසික ක්‍රියාවක් , බවයි.

ජපානයේ ප්‍රචණ්ඩ ප්‍රහාර අතිශයින් දුර්ලභ වනවා.

එහෙත් හිටපු අගමැති ෂින්සෝ අබේ පසුගිය වසරේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු දේශපාලනඥයන් වටා ආරක්ෂාව පිළිබඳ චකිතයක් පවතින බව විදෙස් වාර්තා වල සදහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles