26.7 C
Colombo
Wednesday, December 10, 2025

ලංකිකයින් 7000 වැඩි පිරිසක් සිටින බ්‍රිස්බේන් නගරයට – ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙ අනතුරු ඇඟවී නිකුත් කරයි

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ඇතුළු නැගෙනහිර වෙරළබඩ කලාපයට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඇතුළුවන බවට කාලගුණ අනාවැකි පළකළා.

ඉන් ශ්‍රී ලාංකිකයින් ද 7000කට අධික පිරිසක් වාසය කරන බ්‍රිස්බේන් නගරයට වැඩි බලපෑමක් එල්ලවීමේ අවදානමක් පවතින බවයි වාර්තාවන්නේ.

ඒ අනුව අදාළ කළාපයේ පාසැල් 280කට වැඩි සංඛ්‍යාවක් වසාදැමුණා.

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙස්වලට ඇල්ෆ්‍රඩ් නිවර්තන සුළි කුණාටුවෙන්  බලපෑම් එල්ලවනු ඇතැයි ඔස්ට්‍රෙලියානු කාලගුණ බලධාරීන් පුරෝකතනය කරනවා.

මේ වන විට පළවී ඇති කාලගුණ අනාවැකිවලට අනුව, පැයට කිලෝ මීටර 120ක් දක්වා වූ සුළඟේ වේගයක් වාර්තා කරමින් ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව බ්‍රිස්බේන් නගරයෙන් රට තුළට ඇතුළුවීමට නියමිතයි.

ඒ අනුව සුළිකුණාටුවේ වැඩිම බලපෑම ක්වීන්ස්ලන්ඩ් හි බ්‍රිස්බේන් නගරයට එල්ල වනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය 1974න් පසුව එම ප්‍රදේශයට ඇතුළු වන පළමු සුළි කුණාටුව බවයි

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් දැනටමත් ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව ලක්ෂයකට ආසන්න පිරිසකට විදුලි ඇණහිටීමකට මුහුණ දීමට සිදුව ඇති අතර පාසල් සිය ගණනක් වසා දමා ඇති අතර, බ්‍රිස්බේන් ගුවන් තොටුපළ මෙහෙයුම් ද නවතා දැමුණා.

එමෙන්ම මහජන ප්‍රවාහන කටයුතු අවලංගු කිරීමටත්  ව්‍යාපාර ස්ථාන වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ සුළි කුණාටුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමේ අරමුණින්.

නැගෙනහිර වෙරළ බඩ කලාපයට බලපෑ හැකි අධික වැසි සහ ඉහළ සුළං ප්‍රවාහය හමුවේ මේ වනවිට අයහපත් කාලගුණය සම්බන්ධ අනතුරු ඇඟවීම්වලට යටත්ව ඇති පිරිස 80,000කට අධිකයි.

මේ වනවිට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව දෙවැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස ඛාණ්ඩ කර ඇති අතර තවත් දහස් ගණනකට නිවාසවලින් ඉවත්වන ලෙසට දැනටත් උපදෙස් දී ඇතැයි සඳහන්.

මිලියන 3කට අධික පිරිසක් සුළි කුණාටුවෙන් පීඩාවට පත්වනු ඇති බවට පුරෝකතනය කරනු ලබනවා.

සුළි කුණාටුවට මුහුණදීම සඳහා සූදානම් වන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බිනීසි ද ජනතාවට උපදෙස් ලබා දී තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles