26.7 C
Colombo
Wednesday, December 10, 2025

වීඩියෝ ඇමතුමකින් විවාහ වු තරුණ යුවල

විවාහ මංගලයට ආයතන ප්‍රධානියා විසින් නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරුණයෙකු වීඩියෝ ඇමතුමක් හරහා සිය මනාලියව විවාහ කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බිලාස්පූර් හි පදිංචි අද්නාන් මුහම්මද් නම් මෙම පුද්ගලයාගේ විවාහ උත්සවයට තුර්කියේ ඔහු සේවය කරන සමාගම ඔහුට නිවාඩු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස පැවැත් වූ බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ.

එමෙන්ම මනාලියගේ රෝගී සීයා ඇයට ඉක්මනින් විවාහ වන ලෙස බලකර සිටීමත් මෙයට හේතු වූ බවයි පැවසෙන්නේ.

ඒ අනුව විවාහය සඳහා පසුගිය සඳුදා දින නියමකර ගෙන ඇති අතර, ඒ සඳහා පැමිණීමට තුර්කියේ සේවය කරන මනාලයා ආයතන ප්‍රධානියාගෙන් නිවාඩු ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෙදෙනගේ විවාහ මංගල්‍ය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව පුවළ වියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී නියමිත චාරිත්‍ර වලට අනුව විවාහය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා පළා

මනාලියගේ මාමා වන අනුමි මොහොමඩ් නැමැත්තෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ දියුණු තාක්‍ෂණය හේතුවෙන් විවාහ මංගලය සිදු කිරීමට හැකි වූ බවයි

දැරියගේ මාමා වන අක්‍රම් මොහොමඩ් පැවසුවේ දියුණු තාක්‍ෂණය නිසා පමණක් විවාහ මංගල්‍යය කළ හැකි වූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles