27.2 C
Colombo
Wednesday, December 10, 2025

දෙවියනේ මෙන්න… ගිනස් පොතට ගිය හෝටලය

ලෝකයේ සමහර පුදුමයන් හරිම අපුරුයි…

මේ කියන්න යන්නෙත් එහෙම අරුම පුදුම ගොඩනැගිල්ලක් ගැන…

මේක හෝටලයක්…

නිකම්ම නිකම් හෝටලයක් නම් නෙමයි .. ගිනස් වාර්තා පොතට ගිය හෝටලයක්…

මේක කුකුළෙකුගේ හැඩය ගත් අපූරු ගොඩනැගිල්ලක්.

එය පිහිටලා තියෙන්නෙ පිලිපීනයේ නෙග්‍රෝස්වල.

පිලිපීනයට යන සංචාරකයින්ට මේ අත්දැකීම අපුරුයි කියලා තමා ආරංචි වෙන්නේ..

ගොඩනැගිල්ල ලෝක වාර්තා අතරටත් ගිහින් තියෙන් ‘කුකුළෙකුගේ හැඩැති ලොව විශාලතම ගොඩනැගිල්ල’ හැටියට.

මේ යෝධ කුකුළා ගැන තව තොරතුරු වාර්තා වෙනවා.. මේ ගොඩනැගිල්ල තට්ටු හයකින් යුක්තයි කියලා තමා විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

එහි කාමර 15 ක් තිබෙනවාලු ..ඒවා සියල්ලම වායුසමීකරණය කළ ඒවා බව සඳහන්.

හැබැයි මේ එකම කාමරයකටවත් ජනේල නෑ.

අපූරු ගෘහ නිර්මාණ ශිල්පීය කුසලතා විද්‍යාමාන කරන, මෙම ගොඩනැගිල්ලේ නිර්මාණකරු Ricardo Cano Gwapo Tan

“සබොන්ග්” ලෙස හඳුන්වන ‘කුකුල් පොර’ පිලිපීනයේ ස්පාඤ්ඤ යටත් විජිත පාලනයට පෙර පැවති සම්ප්‍රදායික තේමාවක්.එය ඉන්දියාවේ තහනම් කර ඇතත් තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ද ප්‍රචලිතයි.

ඉතින්, ඒ සාම්ප්‍රදායික වටිනාකම් සිහි කැඳවීමත් මේ යෝධ කුකුළා මඟින් සිදු කෙරෙනවා.

කුකුළු රුවක් සහිතව ඉදිකර ඇති මෙම හෝටලයේ, පුද්ගලයන් හතර දෙනෙකු සඳහා කාමරයක් ඩොලර් 80 ට අඩු වන බව සඳහන්.

පුද්ගලයන් හත් දෙනෙකු දක්වා විශාල කණ්ඩායම් සඳහා ඩොලර් 120 ක් පමණ වැය වන බවයි කියවෙන්නෙ.

මීට දශක ගණනාවකට පෙර මෙම කදු මුදුන් බිම් ප්‍රදේශය මිලට ගන්නා විට ඉතාමත් පාලු හා නිස්කලංක කදුකර ප්‍රදේශයක් බවයි තොරතුරු වාර්තා වෙන්නේ නමුත් දැන් මෙම කුකුළා හෝටල් පරිශ්‍රය ලෝක ප්‍රකට නිවාඩු නිකේතනයක් වෙනවා…

ලොව පුරා අවදානය මේ කුකුළා හෝටලයට අඩුනැතිව ලැබෙනවා…

ඉතාමත් මනරම් කදු සිරසක හදලා තියෙන මේ හෝටලය මේ කාලයේ හුඟාක් සුන්දර සංචාරක කලාපයක් බවට පත් වෙලා තිබෙන නිසා පිලිපීනයට එන සංචාරකයින්ගේ උනන්දුව හුඟාක් වැඩි වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ…

ඔන්න ඔයලාටත් නිවාඩුවක් ලැබුණ ගමන් මේ හෝටලය පැත්තේ ගිහින් එන්න..මේ වගේ විඩියෝ බලන්න දැන්ම අපිව සබ්සික්‍රියබ් කරන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles