25 C
Colombo
Wednesday, January 28, 2026

කලක් විරසක වී සිටි ශාරුක් සහ සල්මාන් යළි හමු වූ සුවිශේෂි අවස්ථාව.

 සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ 57 වැනි උපනදිනය නිමිත්තෙන් සුවිශේෂි සාදයක් පසුගිය 27වැනිදා පැවැත්විය.  

එම උපන්දින සාදයට සුපිරි බොලිවුඩ් තරුවක් වූ ෂාරුක් ඛාන් සහභාගි වීම සුවිශේෂි අවස්ථාවක් විය.  

මෙම අවස්ථාවේදී කලක් විරසකව සිටි සල්මාන් ඛාන්  සහ ෂාරුක් ඛාන් එකිනෙකා වැළඳගත් අතර එය ඔවුන්ගේ ප්‍රේක්ෂක ජනතාවට උද්වේගකර සුවිශේෂී අවස්ථාවක් විය.  

2008දී  ෂාරුක් සහ සල්මාන් කත්‍රිනා කයිෆ්ගේ උපන්දින සාදයේදී රණ්ඩුවකට පැටලී විරසක විය. 

නමුත් ඔවුන් දෙදෙනා වාණිජමය වශයෙන් සාර්ථක වූ නළුවන් බව කාටත් නොරහසකි. 

ෂාරුක් සහ සල්මාන් නැවතත් Pathaan and Tiger 3 හි එකට පෙනී සිටීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles