28 C
Colombo
Wednesday, December 10, 2025

අලුත් අවුරුද්දේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශෛල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසයි.

ගතවු අවුරුදු දෙක තුන තුළ ගිනිකෙළි භාවිතයෙන් සිදුවන අනතුරුවල වැඩිවිමක් දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම රිය අනතුරුවල වැඩිවීම,ගෘහස්ත කටයුතු,කලකෝලහාල,මද්‍යසාර නිසා සිදුවන අනතුරු බහුලව දැකි හැකි අතර එම අනතුරු වලක්වා ගැනිමට කටයුතු කරන ලෙසයි අක්ෂි ශෛල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles