28 C
Colombo
Friday, May 15, 2026

අහස කළු වෙන්නේ ලොකු පෙරළියකටද? ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් බය හිතෙන අනාවැකියක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (15) දිනයේදී තද වැසි සහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 36 ඇතුළත දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැඩිම බලපෑමක් ඇති ප්‍රදේශ:

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත. මීට අමතරව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා මි.මී. 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකියි.

කලාපීය තත්ත්වය:

මධ්‍යම, උතුරු පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින්, අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles