24.5 C
Colombo
Thursday, December 11, 2025

ඉන්ධන හිගයක් ඇතිවෙතැයි බියෙන් – දිවයිනේ ප්‍රදේශ කිහිපයක දිගු ඉන්ධන පොලිම්

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වන බව ප්‍රකාශ කිරීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ රැසක මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

අද පස්වරුවේ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ, ඉන්ධන සඳහා ඔවුන් වෙත ලබා දී තිබූ 3%ක වට්ටම හෙට සිට අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන ඇති තීරණයකට විරෝධය පළ කරමි මෙම තීරණයට එළඹී බවයි.

ඉන්ධන බෙදාහැරීමේ දී දිවයින පුරා ඉන්ධන බෙදුම්කරුවන් සඳහා 3%ක වට්ටමක් හිමිව තිබූ අතර, එම සහනය මාර්තු 01 වැනිදා සිට අහෝසි කිරීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේ, රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවත්, ඇණවුම් සාමාන්‍ය පරිදි ලැබී ඇති බවයි.

ඒ අනුව, ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, මාසික මිල සංශෝධනයට අනුව මාර්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොකිරීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරනු ලැබුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles