27.2 C
Colombo
Wednesday, December 10, 2025

තරුෂි එක්ක දුවපු හැමෝම හොයන සුන්දරිය – ඉන්දියිවේ හර්මිලන් බේන්ස්ගෙ කතාව

චීනයේ හැන්ග්ෂෝ හි පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වුණා.
එම තරඟයේ රිදී පදක්කම දිනාගත්තේ ඉන්දියිවේ හර්මිලන් බේන්ස්.

ඇය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දිනාගත් දෙවන පදක්කම මෙය වනවා.

බෙන්ස් මීට පෙර මෙම ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගෙන තිබුණා.

පන්ජාබ් ප්‍රාන්තයේ හෝෂියාර්පූර් දිස්ත්‍රික්කයේ මහිල්පූර් නගරයේ පදිංචි 25 හැවිරිදි බෙන්ස්ගේ මවත් දාවන ශූරියක් බව ඔබ දන්නවාද..?

ඇයගේ මව තමයි මධුරි සිං සක්සේනා.

 මීට වසර 21කට පෙර එනම් 2002 වසරේ  බුසාන් ආසියානු ක්‍රීඩා උළෙලේදී බෙන්ස්ගේ මව විසින් මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගෙන තිබෙනවා.

මීට දින දෙකකට පෙර පැවැති මීටර් 1500 අවසන් තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට බේන්ස් සමත් වු අතර ඇයගේ මවද පිලිපීනයේ මැනිලා අගනුවර පැවති 2003 ආසියානු ක්‍රිඩා තරඟාවලියේ මීටර් 1500 තරඟයේ රිදී පදක්කම් ලාභිනිය බවටද පත් වුණා.

ඔබ දන්නවාද ඇයගේ පියාද මලල ක්‍රීඩකයෙක් වන අතර ඔහු ද පදක්කම් ලාභියෙක් වනවා. බේන්ස් මලල ක්‍රීඩා කිරීමට ඇගේ මව විසින් උනන්දුකර ඇති අතර ඇය දැන් මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ඉලක්ක කර ගනිමින් ලබන වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලදි ක්‍රිඩා කරනු ඇති

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles