28.4 C
Colombo
Tuesday, January 27, 2026

මුහුදේ පාවෙමින් තිබූ සැක සහිත පාර්සල් රැගෙන හැටි

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 51ක් පමණ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ සජිවි දර්ශණයි මේ ඔබට දක්නට ලැබෙන්නේ.
අද (14) පස්වරුවේ මෙම මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් මෙලෙස රැගෙන එනු ලැබුවා.
එලෙස රැගෙන ආ පාර්සල් 3ක හෙරොයින් ඇති බවට සැකකරන බවත් අනෙක් පාර්සල් 48 තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට සැකකරන බව නාවික හමුදාව පැවසුවේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය උනාකූරූවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවට සැකකෙරෙන බව වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 50ක් පමණ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (14) සොයා ගෙන තිබුණා.
යාත්‍රා 3ක් මගින් රට තුළට මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමේ වෑයමක් පිළිබඳ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබී තිබුණේ ඉකුත් සැප්තැම්බර් මුලදීයි.
ඒ අනුව පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දින 32ක් පුරා දෙවුන්දර සහ තංගල්ල මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබුණා.
අදාළ යාත්‍රාවල පිරිස් සම්බන්ධ කරගත් ඔවුන් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබාදී තිබුණේ නැහැ.
යාත්‍රා පවතින ස්ථානය හඳුනාගැනීම සඳහා එහි සවිකර තිබූ VMS පද්ධතියද ඔවුන් ක්‍රියාවිරහිත කර තිබුණා.
මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගැනුණද අදාළ යාත්‍රා 3 පිළිබඳ තොරතුරුක් ලැබී තිබුණේ නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles