30 C
Colombo
Wednesday, December 10, 2025

නව පොලිස්පතිවරයෙකු පත්කරන්නැයි මහා සංඝරත්නය රජයෙන් ඉල්ලයි

සේවා දිගු ලබා දෙමින් දිගින් දිගටම නව පොලිස්පතිවරයෙකු පත් නොකොට සිටින තත්ත්වයෙන් මිදී වහාම අලුතෙන් පොලිස්පතිවරයෙකු පත්කරන්නැයි මහා සංඝරත්නය රජයෙන් ඉල්ලා සිටිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය මුල්කොට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සහ කතෝලික සභාව නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට එරෙහිවන තත්ත්වයක් පැන නැගී ඇතිබවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වු අනුරාධපුර මිහින්තලා රාජමහා විහාරාධිපති සහ භාරකරු වලවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ මේලෙස අදහස් පලකර සිටියා.

“පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රථම අපේ රටේ ආගමික සිද්ධස්ථාන වලට මිලේච්ඡ කුරිරු ත්‍රස්ත්‍ර ප්‍රහාර සිදුව තිබෙනවා.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිල් සමාදන්ව සිටී පිරිසකට කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවුණා.

මහා නුවර ඓතිහාසික දළඳා මාළිගාව අභියස ත්‍රස්ත ප්‍රහාර සිදු වුණා. අරන්තලාවේ භික්ෂූන්වහන්සේලා ඝාතනය කළා. මේවා කුරිරු මිලෙච්ඡ ප්‍රහාර.

මේවාට එරෙහිව කිසිවෙකු කතා කරන්නේ නැහැ. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයටම කරුණු දක්වනවා. ගතු කියනවා. අපත් ආගමික නායකයෝ තමයි. අප අපට සිදුවූ ප්‍රහාර ගැන කම්පා වුවත් ඒවා මතම එල්ලී සිටීමට කටයුතු කරන්නේ නැහැ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles