26.7 C
Colombo
Wednesday, December 10, 2025

මුතු රාජා නින්දටයන සිසිටිවි දර්ශන🐘

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා ගුවන් මගින් තායිලන්තයට රැගෙන යාමෙන් අනතරුව එරට ලැම්පැන්ග් අලි රක්ෂණ මධ්‍යස්ථානය වෙත සුරක්ෂිතව රැගෙන ගියා.

මෙවන විට තායිලන්තයේ ලැම්පන්ග් අලි රක්ෂණ මධ්‍යස්ථානයේ දින 30ක නිරෝධායනයට ලක්ව සිටින ‘සක් සූරීන්’ හෙවත් ‘මුතු රාජා’ හස්තියාගේ ක්‍රියා කාලපයන් සිසිටිවි මගින් නිරික්ෂණය කරනු ලබනවා.

මුතු රාජා කෙටි නින්දක යෙදි සිටින අයුරු සිසිටිවි කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.

හස්තියා මිනිතු 20 ත් 40 අතර කාලයෙක් එක්වරකට මෙලස නිදාගන්නා අතර එලෙස වාර 3 ක් පමන ඔහු නිදා ගන්නා බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණේ.

නිරෝධායන කාලසිමාව අවසන් විමෙන් පසු  හස්තියා දැක බලාගැනීමට ජනතාවට අවස්ථාව උදාකරදීමට තායිලන්ත බලධාරීන් කටයුතු කරනු ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

රෝගාතුරව සිටින මුතු රාජාගේ රුධිර සාම්පල කිහිපයක් ද ලබා ගෙන ඇති අතර සෞඛ්‍ය තත්ත්වය පිලිබද පූර්ණ පරික්ෂණයක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. හස්තියාගේ පසු පාදයේ පවතින තුවාලය සදහා ද ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles