27.2 C
Colombo
Wednesday, December 10, 2025

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයාට බලු කූඩුවේ ලෑල්ලකින් පහරදෙයි

තලාව ජයගග ප්‍රදේශයේ  නිවසක විදුලිය විසන්ධි කිරිමට ගිය  සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන් තලාව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

කැකිරාව විදුලි අධිකාරී බලප්‍රදේශයට අයත් තලාව ජයගග ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා කටයුතු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවකයින් දෙදෙනෙක් මෙම නිවසේ විදුලිය විසන්ධි කිරීම සදහා පැමිණ තිබුණා.

පසුව මොවුන්,නිවසේ විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව පවසා අනතුරුව නිවසේ මව සහ පුතා විසින් මෙම නිවසේ විදුලිය විසන්ධි නොකරන ලෙසත් අද දිනයේම හිග විදුල බිල ගෙවා දමන බවටත් දැනුම් දී තිබෙනවා.

එනමුත් විදුලිය විසන්ධි කිරීමට ආ පුද්ගලයින් පවසා ඇත්තේ, ඔවුන්ට ඉහලින් ඇවිත් තිබෙන් නියෝග නිසා විදුලිය විසන්ධි කිරීම අනිවාර්යෙන්ම කල යුතු බව‍යි.
ඒ අනුව ඔවුන් නිවසේ, විදුලිය විසන්ධි කිරීමට උත්සහ දැරීමේදී,තමන්ගේ කීම නොඇසීම සම්බන්ධයෙන්  උරන වූ  නිවසේ පුද්ගලයෙකු, විසින් අසල තිබූ බලු කූඩුවේ වහලය උඩ තිබූ ලෑල්ලකින් විදුලිය විසන්ධිකිරීමට උත්සහ දැරූ පුදගලයාට පහර දී තිබෙනවා.

මෙම පහර දීමේදී ලෑල්ලා කැඩී යාම නිසා මොහු තවත් මොහුට පහරදීම සදහා නිවසේ, තිබූ සවලක් රැගෙන් ඒම නිසා මොවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තලාව පොලිසිය වෙත පැමිනිල්ලක් යොමු කිරීමටත් පහර කෑමට ලක් වූ පුද්ගලයා තලාව රෝහට ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත් වි තිබෙනවා.

පසුව මෙම පුද්ගලයින්  ගෙහිමි කාන්තාවටද පහර දුන් බව පවසමින් ගෙහිමි කානතාවද තලාව රෝහලේ ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත්ව තිබෙනවා.

පහරීම සිදුකල  පුද්ගලයා මේවන විට තලාව පොලිසිය වි සින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles