27.2 C
Colombo
Wednesday, December 10, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 429යක දැවැන්ත ඉලක්කයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද දිල්ලිහී අරුන් ජෙට්ලි ක්‍රිඩාංගනයේදි පැවැත්වෙනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් කඩුලු 5ක් දැවී ලකුණු 428ක් රැස් කළා.

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ප්‍රබල ඉලක්කයක් කරා රැගෙන යමින් ක්වින්ටන් ඩී කොක්, රසී වැන් ඩර් ඩූසන් සහ ඒඩ්න් මාක්‍රම් ශතක වාර්තා කළා.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක මෙතෙක් වාර්තා කර ඇති වේගවත් ම ශතකය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒඩ්න් මාක්‍රම් අද සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ට එරෙහිව ඔහු සිය ශතකය ලබාගත්තේ පන්දු 49කින්

මීට පෙර එම වාර්තාව හිමිකර ගෙන සිටියේ අයර්ලන්තයේ කෙවින් ඕබ්‍රයන් ය.

ඔහු 2011 වසරේදී එංගලන්තය ට එරෙහිව පන්දු 50කදී ශතකය වාර්තා කර තිබුණි.

ඒ අනුව එම තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 429කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles