28.4 C
Colombo
Tuesday, January 27, 2026

මාස 04 කට පසු මර්වින් ඇප මත නිදහස්

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනා ඇප මත මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණය නියෝග කළා.

මෙම නියෝගය ලබා දුන්නේ, ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ.ඩී. විජයරත්න විසින්.

ඒ, මර්වින් සිල්වා විසින් ඉදිරිපත් කරනු ලැබූ ඇප අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුවයි.

තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් සහ ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මෙලෙස මුදාහැර තිබුණා.

එමෙන් ම, සැකකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කර ඇති අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.

තව ද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles