28.4 C
Colombo
Tuesday, January 27, 2026

කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකුට වෙඩි

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසනවා

වෙඩිතැබීමෙන් 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව තිබෙනවා

වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරුගේ පාදයකට සහ අතකට වෙඩි වැදී මේ වනවිට ඔහුව ගම්පහ රෝහලට මාරුකර යවා තිබෙනවා

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බව ද අනාවරණය වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles